Thursday, 23 October 2025

ශූආන්කොන් එල්ලෙන විහාරේ

  2025-10-19 (ඉරිදා)

මේ සංචාරයේ ඉතාම ආසාවෙන් බලාපොරොත්තුවුන තැනක් අද දකිනවා. ඒ හෙංශාන් කඳුවැටියේ ජින්ලොං දොරුවේ පිහිටි  ආන්කොන් එල්ලෙන විහාරේ [Xuankong Temple (hanging temple] in the Jinlong Gorge of the Henghshan mountains]

කඳු ප්‍රපාතයක පාෂාණ බිත්තියට ලී පරාල ගිල්වා ඒ මත ගොඩනැගුන මේ විහාරය කොෆියුසියස්, බෞද්ධ, ඩාඕ ආගම් වලට පූජනීය ස්ථානයක්. අවුරුදු 1400ක් පරණ මේ ගොඩනැගිල්ල සෑදීමට අවශ්ය පරාල/ලී කඹ වලින් කන්ද උඩින් පහලට බාගත් බවයි ලියවී ඇත්තේ.

සංචාරකයන්ගෙන් පිරුනු පර්‍යන්තය

බස් නැවතුම් පොලේ පටන් විහාරෙට යන වාහන 




සීතලයි (කොලේ අයිස්!) 

අපිට තිබුන ලොකුම කනගාටුව වුනේ විහාරේ ලඟටම යන්න නොහැකිවීම. මේ පරිසරය රැකගැනීමේ වෑයමෙන් විහාරේ ලඟට එක වෙලාවකට ගිය හැකි සංචාරකයන් සංඛ්‍යාව 100කට සීමාකරලා තිබෙනවා. පෝලිම ඉතා දිග නිසා අපිට එතරම් වෙලාවක් මිඩංගු කරන්න හැකියාවක් තිබුනෙ නෑ.

ආපසු වාහන නැවතුම්පොලට එන ගමනේ දෙපැත්තේ කඩ සාප්පු ('පෙට්ටි කඩ") විශාල සංඛ්‍යාවක්  තියෙනවා (කෑම, බීම, සිහිවටන). ඒ ඕනෑම කඩේකින් බඩු ගන්න පුළුවන් වෙන්නේ අන්තර්ජාලය හරහා WeeChat පාවිච්චි කරලා! [හරියට ලංකාවේ තැඹිලි ගෙඩියක් බීලා බැංකු කාඩ් එකකින් ගෙවනවා වගේ)

'මකරු නමයේ බිත්ති' '(Nine Dragons Wals) චීනේ නගර කිහිපයක තියෙනවා (බේජින් වල තහනම් නගරේ. පින්ගියාඔ, හොන්කොන්). ලස්සන, සවිස්තර, සම්ප්‍රදායක කලාවක්.



ඩේටොන් (Datong) පුරාණ නගරයටත් ගියා. ඩේටොන්  නගර ප්‍රාකාරය නරබන්නටත් ගියා (බොහොම තැන්වල පුරාණ ප්‍රාකාර ලොකු වියදමකින්  ප්‍රකෘතිමත් කිරීම දකින්න පුළුවන්) 


අපි රෑ නැවතුන හෝටලේ ගැන වචනයක්...පිංතූර වලින් කියන්න ලේසියි. 





ඩේටොන් පොහොසත් ගල් අඟුරු ආකර නගරයක්. ඒ නිසාදෝ මෙහෙ සමහර ගොඩනැගිලි අර 'ගිනිපෙට්ටි' මාදිලියේ තට්ටු ගෙවල් වලට වඩ්සා වෙනස්.

සරසපු බස් එකක් 



No comments:

Post a Comment

පටන්ගැන්ම

  2025-10-13 (සඳුදා) පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72ව...