2025-10-16 (බ්‍රහස්පතින්දා)
ටෛයුආන් වලට අහසින් පැය දෙකයි. සංචාරයේ ඉතිරි කොටසේ මග පෙන්වන්නා වන මේරි හමුවුනා.
මෙහෙ නැන්ජින් වලට වඩා සීතලයි (7 - 17C) . දවල් කෑමට පස්සේ (මෙහෙ කෑම නැන්ජින් වලට වඩා ටිකක් වෙනස්) අපි ජින් විහාරය (Jin Temple) බලන්න ගියා. අවුරුදු 1400කට ඉස්සර සෑදූ මේ විහාරය විශාල මල්වත්තක් වගේ ඉඩමක තියෙන්නේ. තියෙන ගොඩනැගිලි, ප්‍රතිමා, චිත්‍ර වගේ දේ විස්තර කරන්න අමාරුයි. පින්තූර පෙන්වන එක ඊට වැඩිය ලේසියි.
![]() |
| ඇතුල්වීම ඈතින් පෙනෙන හැටි |
![]() |
| ශෙන්ග්මු ශාලාව |
ටිකක් වැස්සා - දවල් කෑම ආයෙත් මංගල මේසයක්!
රෑ කෑමට ඉස්සර අපි කීප දෙනෙක්බී ර කීපයක් බිව්වා හෝටලේට ලඟ කඩේකින්. රෑ නැවතුනේ හැම්ටන් හෝටලේ.
![]() |
| හෝටලේ ජනලෙන් එලියේ.... |











No comments:
Post a Comment