2025-10-14 (අඟහරුවාදා)
සවාරියේ පළමු දවස (මගපෙන්වන්නා - ඇනී)
හෝටලෙන් පිටවුනේ 10.00ට. පරක්කුවුවෙන්න හේතු කීපයක් තිබුනා - සමහර අය හෝටලේට ආවේ පාන්දර දෙකට විතර; කීපදෙනෙකුට ආපහු කාමරේට යන්න සිද්ධවුනා අමතකවුන පාස්පෝට්, රේන්කෝට්/කුඩ එහෙම ගන්න - උදේ ටිකක් වැස්ස.
ඉස්සරවෙලාම ගියේ නැන්ජින් නුවර ප්‍රාකාරයෙ කෞතුකාගාරයට (Nanjing City Wall Museum). නගරය වටා ගොඩනැගුන තාප්පයේ ඉතිහාසය, ගොඩනැංවීම, ආකෘති වලින් පිරී තිබුනා. තාප්පේ ලඟම තිබුනත් ඒකට නගින්න වෙලාවක් ලැබුනෙ නෑ.
 |
| ප්‍රාකාරයේ ආකෘතිය ලේසර් ලයිට් වලින් පෙන්වනවා විස්තර කථනයත් සමග. |
 |
| පාවිච්චිවූ ගඩොල් |
 |
වඩුවාගේ නම කෙටූ ගඩොල්
|
 |
| කොනේ කෑල්ලක් |
එතනින් පස්සේ ප්‍රතිසංස්කරණය කළ ලැඔමෙන්ඩොං සුළු නගරය (Laomendong village) බලන්න ගියා. ඒක මිං රාජවංශ (Ming Dynasty) කාලේ (1388-1644) පටන්ගත්ත වැදගත් මිනිස්සු පදිංචි/ව්‍යාපාරික තැනක්. පරණ තිබුන විදිහට ප්‍රතිසංකරණය කළ නිසා පුරාණ ගමකට යනවා වගේ. ඒ තරම් අව්‍යාජ ගතියක් තියෙනවා.
 |
| ඇතුල්වීමේ දොරටුව |
 |
| සාප්පුවක ඉස්සරහ |
 |
ඉත්තවැල් වලින් වැහුන ගොඩනැගිල්ලක්
|
 |
| වැඩ දාපු ගොඩනැගිල්ලක් - පැත්තකින් ප්‍රාකාරයත් පෙනෙනවා |
 |
| කඩ 'මුඩුක්කුවක්' |
දවල් කෑමෙන් පස්සේ අපි 'පුළුල් පොදුජන සංකෘතික මධ්‍යස්ථාන' දෙකකට ගියා. පළමුව ගිය Xishanqiao මධ්‍යස්ථානෙට ඕනෑම කෙනෙකුට ඇවිත් එතන පවත්වන නැටීම, ගැයීම, කියවීම වැනි දේ වලට සහභාගි වෙන්න පුළුවන් - නොමිලේ. මේ 4/5 තට්ටු ගොඩනැගිල්ල ආණ්ඩුවෙන් සපයා තියෙන්නේ. විශ්‍රාම වයස (ගැහැනු 50, පිරිමි 55) අඩු නිඔසා බොහෝ අය මේ වගේ තැන් වලින් ප්‍රයෝජන ගන්නවා.
දෙවනි මධ්‍යස්ථානයත් (Youfang Community) ආණ්ඩුවෙන් පිහිටවා තියෙන්නේ කලා ශිල්ප වලට නැබුරුවක් පෙන්වලා. ආණ්ඩුවේ සේවකයෝ පාලනය කරන මෙතෙන්ට තමාගේ ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න පුළුවන්.
හවස් වෙනකොට අපිට හොඳටම මහන්සියි. 5.30 හෝටලේට ඇවිත් ආයෙත් 6.30 පිටත් වෙන්න තිබුනා කණ්ඩායමේ 'පිළිගැනීමේ රෑ කෑමට' - හෝටලෙන් සෑහෙන දුරක් ඈත. අපි හතර දෙනෙක් දුවල ගිහින් ලඟම පබ් (The Blue Frog) එකෙන් බීර දෙක බීලා ආවා. ලොකු රෑ කෑමක් වෙනුවට අපිට හිතුනේ අපෙ හෝටලේ ලඟින් සරල කෑමක් ගත්තා නම් හොඳයි නේද කියලා.
 |
| පිළිගැනීම |
 |
විනෝදය (?)
|
No comments:
Post a Comment