Wednesday, 29 October 2025

පටන්ගැන්ම

 2025-10-13 (සඳුදා)

පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72වරක් චීනෙට ගිහින් තියෙනවා (මේ 73). කණ්ඩායමේ 14යි, සති දෙකයි. අපි දෙන්නා 2012 චීනෙට ගිහින් තියෙනවා - වෙනස දකින්නත් ආසාවෙන් හිටියේ.

බ්‍රිස්බන් වලින් ඉරිදා (12) දවල් පිටත්වෙලා ගවන්ජෝ හරහා නැංජින් වලට යනකොට ඉරිදා පාන්දර 1.00යි. නාලා නිදාගන්නකොට 2.00යි. සඳුදා අපිට නිදහස් - චාරිකාව පටන්ගන්නේ අඟහරුවාදා (14)

අපි උදේ වරුවේ ඇවිදින්න ගියේ දවල්ට මොකුත් කාලා ඇවිත් නිදාගන්න අදහසින්. පාරවල් වැරදි වැරදී අපි කි. මී. අටක් විතර ඇවිදලා පොඩ්ඩක් කාල හෝටලේට ආවා. එකම පින්තූරයයි ගත්තේ - උද්‍යානෙක තිබුන මොනරු වගේ කපපු ගස්.


රෑ 'සම්භාශනයක්' (baenquet) - බ්‍රයන් ගෙ චීන සගයා රිබෙකා අපිව ආපනශාලාවට අරගෙන ගියේ. වටේ කැරකෙන මේසෙට කෑම ජාති වරින්වර ආවා (ජාති 21?). බීම ජාතිත් ගොඩක් තිබුනා. ආපනශාලාවේ අයිතිකාරයත් බ්‍රිස්බන් ඉගෙනගන තියෙනවා.

අයිතිකාරයා 



Tuesday, 28 October 2025

සවාරියේ පළමු දවස

 2025-10-14 (අඟහරුවාදා)

සවාරියේ පළමු දවස (මගපෙන්වන්නා - ඇනී)

හෝටලෙන් පිටවුනේ 10.00ට. පරක්කුවුවෙන්න හේතු කීපයක් තිබුනා - සමහර අය හෝටලේට ආවේ පාන්දර දෙකට විතර; කීපදෙනෙකුට ආපහු කාමරේට යන්න සිද්ධවුනා අමතකවුන පාස්පෝට්, රේන්කෝට්/කුඩ එහෙම ගන්න - උදේ ටිකක් වැස්ස. 

ඉස්සරවෙලාම ගියේ නැන්ජින් නුවර ප්‍රාකාරයෙ කෞතුකාගාරයට (Nanjing City Wall Museum). නගරය වටා ගොඩනැගුන තාප්පයේ ඉතිහාසය, ගොඩනැංවීම, ආකෘති වලින් පිරී තිබුනා. තාප්පේ ලඟම තිබුනත් ඒකට නගින්න වෙලාවක් ලැබුනෙ නෑ.

ප්‍රාකාරයේ ආකෘතිය ලේසර් ලයිට් වලින් පෙන්වනවා විස්තර කථනයත් සමග.  

පාවිච්චිවූ ගඩොල් 

වඩුවාගේ නම කෙටූ ගඩොල් 

කොනේ කෑල්ලක් 

එතනින් පස්සේ ප්‍රතිසංස්කරණය කළ ලැඔමෙන්ඩොං සුළු නගරය (Laomendong village) බලන්න ගියා. ඒක මිං රාජවංශ (Ming Dynasty) කාලේ (1388-1644) පටන්ගත්ත වැදගත් මිනිස්සු පදිංචි/ව්‍යාපාරික තැනක්. පරණ තිබුන විදිහට ප්‍රතිසංකරණය කළ නිසා පුරාණ ගමකට යනවා වගේ. ඒ තරම් අව්‍යාජ ගතියක් තියෙනවා. 


ඇතුල්වීමේ දොරටුව 

සාප්පුවක ඉස්සරහ 

ඉත්තවැල් වලින් වැහුන ගොඩනැගිල්ලක් 

වැඩ දාපු ගොඩනැගිල්ලක් - පැත්තකින් ප්‍රාකාරයත් පෙනෙනවා

කඩ 'මුඩුක්කුවක්' 

දවල් කෑමෙන් පස්සේ අපි 'පුළුල් පොදුජන සංකෘතික මධ්‍යස්ථාන' දෙකකට ගියා. පළමුව ගිය  Xishanqiao මධ්‍යස්ථානෙට ඕනෑම කෙනෙකුට ඇවිත් එතන පවත්වන නැටීම, ගැයීම, කියවීම වැනි දේ වලට සහභාගි වෙන්න පුළුවන් - නොමිලේ. මේ 4/5 තට්ටු ගොඩනැගිල්ල ආණ්ඩුවෙන් සපයා තියෙන්නේ. විශ්‍රාම වයස (ගැහැනු 50, පිරිමි 55) අඩු නිඔසා බොහෝ අය මේ වගේ තැන් වලින් ප්‍රයෝජන ගන්නවා.



දෙවනි මධ්‍යස්ථානයත් (Youfang Community) ආණ්ඩුවෙන් පිහිටවා තියෙන්නේ කලා ශිල්ප වලට නැබුරුවක් පෙන්වලා. ආණ්ඩුවේ සේවකයෝ පාලනය කරන මෙතෙන්ට තමාගේ ප්‍රශ්නත් ඉදිරිපත් කරන්න පුළුවන්.



හවස් වෙනකොට අපිට හොඳටම මහන්සියි. 5.30 හෝටලේට ඇවිත් ආයෙත් 6.30 පිටත් වෙන්න තිබුනා කණ්ඩායමේ 'පිළිගැනීමේ රෑ කෑමට' - හෝටලෙන් සෑහෙන දුරක් ඈත. අපි හතර දෙනෙක් දුවල ගිහින් ලඟම පබ් (The Blue Frog) එකෙන් බීර දෙක බීලා ආවා. ලොකු රෑ කෑමක් වෙනුවට අපිට හිතුනේ අපෙ හෝටලේ ලඟින් සරල කෑමක් ගත්තා නම් හොඳයි නේද කියලා.

පිළිගැනීම 

විනෝදය (?)

Monday, 27 October 2025

නැන්ජින් - බලන්න දේ ගොඩයි

 2025-10-15 (බදාදා)

බදාදා පළමු ගමන 'නැන්ජින් තරුණ ජ්යේෂ්ඨ සරසවියයි (Nanjing Youth Senior University). අපි චීන වෙද ක්‍රමයක් වන Acupressure පංතියකුත් චිත්‍ර, විචිත්‍ර අක්ෂර කලාව (Calligraphy) සහ පාරම්පරික ගැට ගැසීමේ පංති වලටත් ගියා.

Acupressure පංතියේ ගුරුවරයා දේශනයට අමතරව එය ප්‍රායෝගිකව පෙන්වා දුන්නා

සංවේදී කොටස්

ගුරුවරයා සහ ගෝලයා 

චීන සම්ප්‍රදායික චිත්‍ර සහ විචිත්‍ර අක්ෂර කලා පෙන්වා දුන්නේ ඒ ඒ ක්ෂෙත්‍ර වල නිපුණ ගුරුවරු. අපිටත් අවස්ථාවක් ලැබුනා ඒවා කරලා බලන්න - යම් දවසක ඒ ගැන තව ටික ඉගෙන ගන්න ආසාවක් ඇතිවුනා.

Teacher 

උණ අත්තේ පින්තූරෙට කුරුමිණියා වැදගත්!

පාරම්පරික ගැට ගැසීම ලේසි නෑ - එතන හිටපු අනික් සිසුවන්ටත්. මේ ගැට වලින් එක එක ලස්සන සැරසිලි මෝස්තර හදනවා - අපිට බැරිවුනාට! (මාත් එක්ක එක මේසේ හිටපු සිසුවෙක් මගෙ එකත් ගැට ගහලා දුන්නා). මට ගැට ගහපු තෑග්ගකුත් ලැබුනා!

මට බැරිම බෑ!

එතනින් අපි ගියේ සංගීත පංතියකට. අපිට චීන සිංදු කියන්න සිද්ධවුනේ නෑ.

අපි නෙවෙයි සිංදු කිව්වේ 

දවල් කෑමෙන් පස්සෙ අපි 'නැන්ජින් සමූලඝාතන සිහිවටන ශාලාව' (Memorial Hall of the Nanjing Massacre) බලන්න ගියා. මෙය සිහිකරන්නේ ජපානය විසින් 1937 නැන්ජින් ආක්‍රමනයෙන් පසු ඝාතනකල 300,000 චීන ජාතිකයනුයි. 1985 ගmොඩනැගුන එ ශාලවේ ඇතුලෙත් පිටත් ඉතා වැදගත් මෙන්ම සවේදීජනක මෙවලම් වලින් පිරිලා.




අපි ලකුණු කරලා තිබුන පාරේ ගියේ සිය ගණන් චීන ජාතික සංචාරකයොත් සමග, අපෙ 'නඩේ ගුරා' ඇනීගේ වචන හෙඩ් ෆෝන් වලින් අසාගෙන.



ඊට පස්සේ අපි නැන්ජින් යුන්ජින් කෞතුකාගාරය (Nanjing Yunjin Museum of the Past Dynasties) නැරඹුවා. මිං සහ චිං රාජ වංශ (Ming and Qing Dynasties) කාලේ ගැනයි. දෙදෙනෙකු දුවන සේද රෙදි වියන යන්ත්‍රයක් සහ එයින් නිපදවූ සේද රෙද්දක් දැක්කා.


යන්ත්‍රය

සේද රෙද්ද 

පොඩි වැස්සකුත් එක්ක අපි චින්හුවේ ගඟේ රවුමක් ගැහුවා. ගඟ අද්දර පරණ ගොඩනැගිලි සේරම වගේ වාණිජයට පාවිච්චි වෙනවා. ලයිට් දමා බැබලෙනවා! තව සාමාන්යෙන් දකින දෙයක් - පාරම්පරික ඇඳුම් වලින් සැරසුන අය (වැඩිපුරම ගැහැනු) තමාගේ පිංතූර ගන්නවා (කැමරා කාරයොත් එක්ක ගඟ ලඟට ඇවිත්!)


ටිකක් තෙතයි!

බෝට්ටු ගමනට ඉස්සර 

අපේ බෝට්ටුව 

ගඟේ 

'Hotpot' රෑ කෑම. මස් මාළු, එළවලු, නූඩ්ල් වගේ කෑම වටේ යද්දී තමාට ඕනදේ අරගෙන තමා ඉස්සරහ තාච්චියක උයාගෙන කනවා. තාච්චියේ තමාට ඕන රසක් දාගන්න පුළුවන්. මට තිබුන ලොකුම අමාරුව chopsticks පාවිච්චියට අදක්ෂ වීමයි. හෙට උදේ ටෛයුවාන් (Taiyuan) බලා පිටත්වෙනවා.


Sunday, 26 October 2025

ටෛයුආන් බලා

 2025-10-16 (බ්‍රහස්පතින්දා)

ටෛයුආන් වලට අහසින් පැය දෙකයි. සංචාරයේ ඉතිරි කොටසේ මග පෙන්වන්නා වන මේරි හමුවුනා.

මෙහෙ නැන්ජින් වලට වඩා සීතලයි (7 - 17C) . දවල් කෑමට පස්සේ (මෙහෙ කෑම නැන්ජින් වලට වඩා ටිකක් වෙනස්) අපි ජින් විහාරය (Jin Temple) බලන්න ගියා. අවුරුදු 1400කට ඉස්සර සෑදූ මේ විහාරය විශාල මල්වත්තක් වගේ ඉඩමක තියෙන්නේ. තියෙන ගොඩනැගිලි, ප්‍රතිමා, චිත්‍ර වගේ දේ විස්තර කරන්න අමාරුයි. පින්තූර පෙන්වන එක ඊට වැඩිය ලේසියි.

ඇතුල්වීම ඈතින් පෙනෙන හැටි

ශෙන්ග්මු ශාලාව 



මාළු පොකුණ උඩින් තියෙන පියාඹන පාලම (flying bridge) 
අවුරුදු 3000ක් පරණ Zhou Dynasty Cypress

මහංසියි!

ටිකක් වැස්සා - දවල් කෑම ආයෙත් මංගල මේසයක්!

රෑ කෑමට ඉස්සර අපි කීප දෙනෙක්බී ර කීපයක් බිව්වා හෝටලේට ලඟ කඩේකින්. රෑ නැවතුනේ හැම්ටන් හෝටලේ.

හෝටලේ ජනලෙන් එලියේ....

පටන්ගැන්ම

  2025-10-13 (සඳුදා) පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72ව...