Friday, 17 October 2025

සංචාරයේ අන්තිම දවස - බ්‍රයන් සහ ග්‍රෙග් අද ආපහු යනවා

  2025-10-25 (සෙනසුරාදා)

අන්තිම දවස - බ්‍රයන් සහ ග්‍රෙග් අද යනවා. අපි නව දෙනෙක් ඉරිදා බ්‍රිස්බන් බලා පිටත්වෙනවා.

පින්ග්‍යාඕ සිට ටෛයුආන් ගමන අතරමගදී අපි Qiaojiabao Village හි Qiao’s Family compound බලන්න නැවතුනා. [ඒවා සිංහලෙන් ලියලා දත් කඩාගන්න බෑ].  ඒ පවුල වෙන්න ඇති 'පොහොසත්' කියන වචනෙට තේරුම දුන්නේ. පින්තූරවලින්ම බලමු.

සැලැස්ම


පාර දෙපැත්තේ ප්‍රතිමා 


ගේ (මාලිගාව?) ඇතුලේ 
මල් පාත්ති 

අපි ඊලඟට ගියා විනාකිරි කම්හලකට. ඒ කොම්පැනිය අවුරුදු 3000 විනාකිරි හදනවා. විනාකිරි සාදන ක්‍රම පෙන්වීමට අමතරව මෙතන කෞතුකාගාරයකුත් විශාල විනාකිරි සාප්පුවකුත් තියෙනවා. නමුත් ඊයෙට වඩා ගණනින් වැඩි නිසා මොකුත් ගත්තෙ නෑ.





අන්තිමට අපි මෙහෙ ලොකු Shopping Mall එකකට ගියා. වැඩියම අපිට වඩා හුඟක් බාල අයගෙ තැනක්. මාග් ඉයිස්ක්‍රීම් එකකුත් කෑවා.



අන්තිම රෑ කෑමට අපි ලඟ කඩේකට ගියා. ගමේ කසිප්පු (52%) ටිකකුත් ගත්තා ගෙදර ගෙනෙන්න - නත්තලට රවී ආපුවම බීලා බලනවා.

No comments:

Post a Comment

පටන්ගැන්ම

  2025-10-13 (සඳුදා) පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72ව...