Sunday, 19 October 2025

පින්ග්‍යාඕ - සංක්‍රමණයට ස්මාරකයක්

  2025-10-23 (බ්‍රහස්පතින්දා)

පින්ග්‍යාඕ (Pingyao) යන්න පැය දෙකක් ගියා. මග දිගට ගොවි ඉඩම් වල පින්තූර ගන්න උත්සාහ කළා - වැඩිය සාර්ථක නොවුනත්.



අපෙ පළමු නැවතුම්පොල හොන්ටොන් ඩුහුවෞශු (Hongtong Dahuaishu) නමැති සංක්‍රමිකයන්ට ස්මාරකයක්. ඒ කතාව අහන්නත් පුදුමයි. මින් රාජයුගයේ (Ming Dynasty; 1368-1644) මේ සානුව ඉතා සශ්‍රීකයි. යුද්ධ, ලෙඩරෝග, ආහාර භෝග විනාශය වැනි දේ නිසා අවට ප්‍රදේශ ඉතාම දුප්පත්. රජතුමා කළේ මෙහෙන් ජනයා මිලියන 50ක් බලෙන් අනික් පලාත්වලට යැව්වා, වගාව දියුණු කරන්නත් ජනගහනය වැඩි කරන්නත්. ඒ අයගෙ අත් එකට බැඳලා ගෙනගියේ [තවමත් මෙහෙ වැසිකිලි යනවට කියන්නේ 'අත් දෙක ලිහනවා' කියලා - ඒ දවස්වල නිලදාරීන්ගෙන් කරපු ඉල්ලීමක් අනුව].
ප්‍රදේශය ඉතාම ලස්සනට සකස් කරලා තියෙනවා විශාල ඉඩමක. කතාව පින්තූර වලින්ම කිව්වොත් ලේසියි.

ස්මාරක බූමියේ තියම 
ඇතුවීමේ දොරටුව

කතාව පිළිබිඹු කරන පිළිම 




බිත්තියක කතාව කැටයමෙන් ලියා ඇති හැටි 

මෙතන 'පැගෝඩා' නම් ගස් තියෙනවා. සමහර ඒවා පරම්පරා තුනක්... 


චීන ජාතිකයන් විශාල ගණනක් තාම තමාගේ පරම්පරා නම් මේ ස්ථානයට සම්බන්ධ කරනවා. මෙතන අවුරුදු 600ක පෙළපත් සටහන් එකතුකරලා තියෙනවා. ඒවා පාවිච්චි කරන්න මිනිස්සු නිතරම එනවා.

මාග් මගේ නමට කිට්ටුම දෙයක් සොයාගත්තා. 'දයා' වෙනුවට 'දා' - තේරුම 'සාමකාමීව' සහ 'සතුටින්' 

පෙළපත් සටහන්  
සාමකාමීව සහ සතුටින් 
පස්සේ පාරම්පරික 'කඩදාසි කැපීම' (paper-cutting) පංතියකට ගියා. අපි කැපුවේ 'දෙගුණයක් සතුට' (double-happiness) අක්ෂරයයි. මාග් හරියට කඩදාසිය කැපුවා; මං වැඩේ කා ගත්තා.



හෝටලෙන් එලියේ බීඅ කීපයක්, මග පෙන්වනන් දෙදෙනත් සමග.

Mary
රිබෙකා

පින්ග්‍යාඕ  හෝටලේ අද රෑ.

No comments:

Post a Comment

පටන්ගැන්ම

  2025-10-13 (සඳුදා) පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72ව...