Monday, 20 October 2025

යුන්චි කඳුකරය

 2025-10-22 (බදාදා)

මුළු දවසම ගෙවුනේ යුන්චි කඳුකරය පලාතේ (unqiu Mountain Scenic Area). අවුරුදු 2500ක ඉතිහාසයක් ඇති මේ ජාතික වනෝද්‍යානයේ සිත්ගන්නා පරිසරය වගේම පාරම්පරික සංස්කෘතික සහ කලා ශිල්ප වලට ප්‍රසිද්ධයි.

ඇලක් අද්දරින් වැටී අති පාර දිගේ කන්ද නැගගෙන යනවිට පාර දෙපස ඇත් 'සැරසිලි' අමතක කරන්න බෑ. අපිට  ඒවා 'අමුතුයි' වගේ පෙනුනට චීන සංචාරකයෝ ඒවා අගය කළ බව පැහැදිලියි. පාර අසල පළතුරු වලින් පිරුන පසිමන් (persimmon) ගස් වගේම එළවලු වලින් සෑදුන සැරසිලි සුලභයි.










'අයිස් ගුහා' මේ පලාතේ තියෙන ප්‍රසිද්ධ නැරඹියයුතුම දෙයක් ලෙස සැලකෙඅවා.

අවසාන ටිකට පඩි පෙලක් 
 




'අයිස් ගුහාවෙන්' පස්සේ අපි 'ටැල්පෝ පුරාණ ගමේ' සංකෘතික චාරිත්‍ර නැරඹුවා. ඉන් පස්සේ ගැමියන් සමග එක්වී ඒ අය දක්ෂ ශිල්ප වල යෙදුනා. ඇනූ පිටි වලින් සත්තු, මල් වැනි දේ සෑදීම (පස්සෙ කන්න!),  . වෙස් මුහුණු පාට කිරීම, රෙදි Tie Die ක්‍රමයට පාට කිරීම වගේ (අපිට ඒවා බෑම තමා). අපෙ කණ්ඩායමේ දෙන්නෙක් විවාහ චාරිත්‍රයකටත් සහභාගිවුනා.


අනූ පිටි වලින්!





නැවතුන හෝටලේ 


No comments:

Post a Comment

පටන්ගැන්ම

  2025-10-13 (සඳුදා) පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72ව...