2025-10-21 (අඟහරුවාදා)
අද උදේ අධි වේගී කෝච්චියේ දකුණ බලා ගියේ ලින්ෆන් (Linfen) වෙත. ඩේටොං (7-10C ) වලට වඩා ලින්ෆන් උනුසුම් බවයි කියවෙන්නේ.
දුම්රියපොළ ගුවන් තොටුපොලක් වගේ ලොකුයි. සැප පහසු අතින් නරක නෑ; දවල් කෑමත් කෝච්චියේ. මේ කෝච්චියේ උපරිම වේගය 240 කි.මී./පැ. (2012 ගිය ශැංහායි - නැන්ජිං/බේජිං වේගෙට අඩුයි). ඒ වගේම, ඒක හරි වෙලාවට පිටත් වෙන්නේ. ඒ නිසා අපිට ලින්ෆන් වලින් බහින්න ලැබුනේ විනාඩි තුනයි. මේරිගෙ උදව්වෙන් අපි බහින්න හොඳට ලෑස්තිවෙලා හිටියා.
| දුම්රියපොළ |
යාඕ අගරජ (Emperor Yao) (ක්‍රි. පු. 2356-2255) සිහිකිරීමට මේ සිහිවටනය සාදා ඇත්තේ ක්‍රි. ව. 265-316. ආගමික ස්ථානයක් ලෙස නොවේ.
![]() |
| යාඕ අගරජ (Emperor Yao)? |
ඊට පස්සේ අපි චීන ගේට්ටුව [China Gate (‘First gate under Heaven')' බලන්න ගියා. එය පෙන්වන්නේ ලින්ෆන් චීන ශිෂ්ටාචාරයේ දොරටුව බවයි.
![]() | |
|














No comments:
Post a Comment