2025-10-18 (සෙනසුරාදා)
අද යින්ග් ප්‍රාන්තයේ යැන්මන් කපොල්ල (Yanmen Pass in Ying County) වෙත ගියා. රටේ වැදගත් උරුමයක් ලෙස සටහන්වී ඇත් චීන මහා ප්‍රාකාරයේ කොටසක් මෙතන තියෙනවා. හරි සීතලයි (-3C)!
'පළමු කපොල්ල' (Number One Pass) ලෙස හැඳින්වෙන මේ කපොල්ල චීනේ පුරාණම කපොල්ල බවයි කියවෙන්නේ. අපි පඩි 397 නැගලා (මාග් ගණන්කළා) ප්‍රාකාරය උඩ ටිකක් ඇවිද්දා.
![]() |
| ප්‍රාකාරයට යන මග (කඩ සාප්පු සමග) |
යින්ග් ප්‍රාන්තයේ ලී ස්තූපය (Visited the Ying Country Wooden Pagoda) දැනට පවතින ලෝකේ උසම සහ පරණම ලී ගොඩනැගිල්ල ක්‍රි. ව. 1056 සෑදූ එකක්. ඒකට සාක්‍යමුනී ස්තූපය කියලත් කියනවා.
චීන බෞද්ධ විහාරයක් (Daxiong Hall)
රෑ කෑමට ඉස්සර අපි ලඟ පොඩි කඩේකට ගිහින් බීර බිව්වා. මේ ඒ කඩේ අයත් එක්ක.















No comments:
Post a Comment