2025-10-20 (සඳුදා)
තවත් ආශාවෙන් බලාගෙන හිටපු තැනක් - යුන්ගොං ගුහා විහාර පද්දතිය. ක්‍රි. ව. 46 පටන් 494 දක්වා කාලයේ ඉදිවුන මේ පද්දතිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවේ සඳහන්වී ඇත. එහි පස්වෙනි සහ හයවෙනි සියවසට අයිති බුද්ධ ප්‍රතිමා 51,000ක් ගුහා 53ක් තුල පිහිටා තිබේ. අපි ගුහා කිහිපයක් ඇතුලට ගියා (සමහර ගුහා ප්‍රතිසංස්කරණ සඳහා වසා තිබුනා).
ගලෙන් කෙටූ පිළිමත් බිතු සිතුවමුත් දකින්න ලැබීම අපේ වාසනාවක් කියලා අපිට හිතුනේ. මම වැඩිය නොලියා පින්තූර වලින් කතාව කියනවා.
මේ චමත්කාරී බිමේ එක විශාල අඩුපාඩුවක් නොකියා බෑ. මුළු භූමි කොටස පුරාම තිබුන පසුබිම් සංගීතය තැනට නුසුදුසු බවයි අපිට හැඟුනේ. තිබුන වෘත්තීයවේදී නව සංගීතය වෙනුවට මෘදු චීන සංගීතයක් (chant) මෙතැනට ඉතාම උචිතයි (වෙන තැන් වල වගේ)
දවල් කෑම වෙලාවේ මේසය උඩින් එල්ලා තිභූ වීදුරු බෝල මත ඇඳුන චායා මට ලස්සනට පෙනුනා!
දවල් කෑමෙන් පස්සේ හුඅයාන් විහාරේ (Huayan Temple) බලන්න ගියා. මේ විහාරෙත් බුද්ධ ප්‍රතිමා සහ බිතු සිතුවම් බහුලයි. තපසාරමයකුත් මෙතන තියෙනවා.



























No comments:
Post a Comment