2025-10-13 (සඳුදා)
පැහැදිලි කිරීමක් - මේ ගමන සැලසුම් කරේ මගෙ 1984 පටන්යාළුවෙක් (බ්‍රයන්) සහ එයාගෙ චීන යාළුවෙක් (රිබෙකා) එකතුව. බ්‍රයන් 72වරක් චීනෙට ගිහින් තියෙනවා (මේ 73). කණ්ඩායමේ 14යි, සති දෙකයි. අපි දෙන්නා 2012 චීනෙට ගිහින් තියෙනවා - වෙනස දකින්නත් ආසාවෙන් හිටියේ.
බ්‍රිස්බන් වලින් ඉරිදා (12) දවල් පිටත්වෙලා ගවන්ජෝ හරහා නැංජින් වලට යනකොට ඉරිදා පාන්දර 1.00යි. නාලා නිදාගන්නකොට 2.00යි. සඳුදා අපිට නිදහස් - චාරිකාව පටන්ගන්නේ අඟහරුවාදා (14)
අපි උදේ වරුවේ ඇවිදින්න ගියේ දවල්ට මොකුත් කාලා ඇවිත් නිදාගන්න අදහසින්. පාරවල් වැරදි වැරදී අපි කි. මී. අටක් විතර ඇවිදලා පොඩ්ඩක් කාල හෝටලේට ආවා. එකම පින්තූරයයි ගත්තේ - උද්‍යානෙක තිබුන මොනරු වගේ කපපු ගස්.




No comments:
Post a Comment